පොඩිමැණිකේ දුම්රිය හපුතලේ දී ගිනිගනි

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1006 දරන  පොඩිමැණිකේ දුම්රියේ එන්ජිම හපුතලේ දුම්රිය ස්ථානය අසලදී  අද (3)  හදිසියේ ගිනිගැනීමකට  ලක්වීමෙන් හපුතලේ ලංකා  ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් පැමිණ   වහා ගින්න නිවා දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.50 ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ පොඩිමැනිකේ දුම්රියේ  මගීන් විශාල පිරිසක් මේ වනවිටත් දුම්රිය තුළ සිටි අතර , මෙම ගින්නෙන් කිසිවෙකු ට හෝ අනතුරක් සිදු නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .

එන්ජින් දෙකකින් සමන්විත නව දුම්රිය කට්ටලයක් වන මෙම දුම්රිය   දියතලාව දුම්රිය ස්ථානය පසුකර හපුතලේ දුම්රිය ස්ථානය ට ලගා වෙමින් තිබියදී එක්වරම  එහි පසුපස එන්ජිමේ මෙසේ ගින්න හටගෙන තිබූ බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .

හපුතලේ ලංකා  ඛනිජ තෙල්  නීති ගත සංස්ථාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන්    හපුතලේ පොලිසිය ,දුම්රිය සේවකයන්  එකවී  දුම්රිය එන්ජිමේ ගින්න ගිනිනිවිම් රථ යොදා ගනිමින් නිවා දැමීමට සමත් වූහ .

දුම්රිය එන්ජිම පිළිසකර කිරිමෙන් අනතුරුව පැය කීපයක් ප්‍රමාද වී යලි පොඩිමැනිකේ දුම්රිය හපුතලේ සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .