ගංවතුර නැරඹීමට යාම, දියනෑම සහ විනෝදවීමෙන් වළකින්න – ආපදා කළමණාකරන මධ්‍යස්ථානය

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයන් නැරඹීමට යාමෙන් වලකින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව ගංවතුර නැරඹීමට යාම සහ ගංවතුරෙහි දියනෑම සහ විනෝදවීම සිදු නොකරන ලෙසයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුදෙන්නේ.

අද දිනයේ ගංවතුර නැරඹීමට යාමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මේ වන විට අතුරුදන්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් සඳහන් කළා.