කැලණි ගඟ පාදුක්ක හා හංවැල්ල අවට උතුරයි

පාදුක්ක, හංවැල්ල හා අවට ප්‍රදේශවලට (01) දින පස්වරු කාලයේ සිට (02) දින දහවල් වනතුරුත් පැවැති අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ උතුරා හංවැල්ල සහ පාදුක්ක ප්‍රදේශවල පහත්බිම් සහ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී තිබුණි.

පාදුක්ක – හංවැල්ල මාර්ගය පාදුක්ක ප්‍රදේශයෙන් ද, මීගොඩ හංවැල්ල මාර්ගය ආටිගල ප්‍රදේශයෙන් ද, ජලයෙන් යටවී තිබුණි. කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර මේ හේතුවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ජනතාව ජල ගැල්මක් ඇතිවේ යැයි දැඩි භීතියකට පත්ව සිටිති.

(02) ඊයේ දින අලුයම් කාලයේදී පාදුක්ක, මාවතගම ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් පාදුක්ක හා අවට ප්‍රදේශවලට (02) දින දහවල් වනතුරුත් විදුලිය විසන්ධිවී තිබුණි.

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ