T20 World Cup USA vs CAN: අමෙරිකාවට කඩුලු 7 ක ජයක්

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස අමෙරිකා කණ්ඩායම හා කැනඩා කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ක ජයක් ලබා ගැනීමට අමෙරිකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් අමෙරිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට කැනඩා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 05 ක් දැවී ලකුණු 194 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකා කණ්ඩායම 18 වන පන්දුවාරයේදී කඩුලු 3 ක් පමණක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්.

news images
news images
news images
news images