ගිගුරුම් සහිත වැසි තවදුරටත් – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

2024 ජුනි මස 02 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

2/6/2024 පෙ.ව. 7.00 අවසන්වූ පැය 24 සදහා වර්ෂාපතනය

ඇහැලියගොඩ 427mm
ඉංගිරිය 348mm
අකුරැස්ස 283mm
සාලාව 280mm
පාලින්දනුවර 276mm
දෙරනගල267mm