ඉලෝන් මස්ක් ජාවාරම්කාරයෙක් ; ආර්ථික ඝාතකයෙක් – ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙරට ආයෝජනය සඳහා පැමිණෙන ලෝකයේ අංක එකේ ව්‍යාපාරිකයා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් ජාවරම්කාරයෙක් බව සහ ආර්ථික ඝාතකයෙක් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සහ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා කියන්නේ ශ්‍රී ලංකාව වැනි රටකට ආයෝජන සඳහා පැමිණෙන්නේ ජාවාරම්කරයින් සහ ආර්ථික ඝාතකයින් පමණක් බවයි. ඒ අනුව ඉලෝන් මසක් පැමිණෙන්නේ නම් ඔහු ද ආර්ථික ඝාතකයෙක් බව ඒ මහතා කියයි.

හඳුන්නෙත්ති මහතා වැඩි දුරටත් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගෙන්වන්නේ ජාවාරම්කාරයින් පමණක් බව සහ ඒ අනුව ඉලෝන් මසක් ද ජාවාරම්කරයෙක් විය යුතු බව යි