අයහපත් කාලගුණයෙන් ජීවිත 7 ක් අහිමි වෙයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ මේ වන විට පුද්ගල මරණ 07 ක් ද වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවනවා.

ඒ අනුව අයහපත් කාලගුණයෙන් පවුල් 4947 කට අයත් පුද්ගලයින් 17,119 දෙනෙකු ආපදාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

ඉදිරි පැය 48 තුළ ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසයි අදාළ අංශ ජනතාවට අනතුරු අඟවන්නේ.