අවිස්සාවේල්ල ගංවතුරෙන් එකම පවුලේ සාමාජිකයන් 03ක් ගසාගෙන යයි

අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේදී ගංවතුරට ගසාගෙන යාමෙන් හත් හැවිරිදි දැරියක් ඇතුළු එකම පවුලේ තිදෙනෙකු ඛේදජනක ලෙස මිය ගොස් තිබේ.

අද අලුයම 2.00 ත් 3.00 ත් අතර ගංවතුරට හසුව මියගිය පුද්ගලයා, ඔහුගේ දියණිය සහ මිනිබිරිය. අධික වර්ෂාවත් සමඟ ඔවුන්ගේ නිවස ආසන්නයේ ජලයෙන් යට වූ ඇළක ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.