නීතියේ ඇස් වසා වාහන ගෙන්වූ­වන් හා සහාය දුන් RMV නිල­ධා­රීන් අත්අ­ඩං­ගු­වට ගන්න – කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත්

ශ්‍රී ලංකා රජ­යට අය විය යුතු බදු මුදල් රුපි­යල් කෝටි දහ­ස­කට (බිලි­යන 10කට) අධික මුද­ලක් අහිමි කර­මින් රුපි­යල් කෝටි ගණ­නක වටි­නා­ක­මි­කන් යුත් වාහන නීති විරෝ­ධිව මෙර­ටට ආන­ය­නය කිරීමේ සිද්ධි­යට සම්බන්ධ මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් සහ ඒ වාහන නීති විරෝ­ධිව ආන­ය­නය කළ සියලු පුද්ග­ල­යන් වහා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ රහ­සි­ගත හා බුද්ධි විම­ර්ශන ඒක­ක­යට ඊයේ (31) නියෝග කළේය.

මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් දෙපා­ර්ත­මේ­න්තුවේ තොර­තුරු පද්ධ­ති­යට නිති විරෝධී ලෙස දත්ත ඇතු­ළත් කළ මෙන්ම, එම වාහන ලියා­ප­දිං­චිය සිදු කළ නිල­ධා­රීන් සහ මේ වාහන නිතී විරෝ­ධිව ආන­ය­නය කළ සියලු අය එලෙස අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස නියෝග කෙරිණි. ශ්‍රී ලංකා රජ­යට අය­විය යුතු රුපි­යල් මිලි­යන 300කට අධික බදු මුද­ලක් අහිමි කර­මින් මෙර­ටට ආන­ය­නය කරන ලද රුපි­යල් කෝටි 10ක් වටිනා සුඛෝ­ප­භෝගී ජීප් රථ හයක් අත්අ­ඩං­ගු­වට ගෙන රේගු අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා වෙත භාර දෙන ලෙසද අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන සභාවේ රහ­සි­ගත හා බුද්ධි විම­ර්ශන ඒක­ක­යට ඊයේ (31) අධි­ක­ර­ණ­යෙන් නියෝග නිකුත් විණි. මේ සිද්ධි­යට අදාළ මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය අධි­ක­ර­ණය හමුවේ යළි කැඳවූ අව­ස්ථාවේ මේ කරුණු ඉදි­රි­පත් විණී.

මේ නඩුව අධි­ක­ර­ණය හමුවේ කැඳවූ අව­ස්ථාවේ පැමි­ණීල්ල වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි අල්ලස් කොමි­සම සඳ­හන් කළේ නීති විරෝධී අංක තහඩු නිකුත් කිරීම සම්බ­න්ධ­යෙන් මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රීන් කිහිප දෙන­කුද සම්බන්ධ වී ඇති බවට කරුණු හෙළි වී ඇති බවයි. අප­රාධ නඩු විධාන සංග්‍රහ පනතේ 120 වග­න්තිය ප්‍රකා­රව මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය නිකුත් කරන ලද්දේ ශ්‍රී ලංකා රේගු­වෙන් නිෂ්කා­ශ­නය නොවූ මිට්ෂු­බිසි වර්ගයේ ජීප් රථය තුනක් සහ ටොයෝටා වර්ගයේ ජීප්රථ තුනක් සඳ­හාය. මේ මෝටර් රථ දෙක මෙර­ටට ආන­ය­නය කිරී­මේදී 235 වන අධි­කා­රියේ රේගු ආඥා පනෙත් 136 සහ 137 වැනි වගන්ති සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කිරීම සඳහා මේ වන විට සිවිල් පුද්ග­ල­යන් භාරයේ ඇති අදාළ වාහන ශ්‍රී ලංකා රේගුව භාර­යට ලබා දෙන ලෙසට නියෝ­ග­යක් නිකුත් කර­න්නැයි එම කොමි­සම කළ ඉල්ලී­මක් සැල­කි­ල්ලට ගත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා මේ නියෝ­ගය නිකුත් කළේය. මේ වාහන හය මේ වන විට ගාල්ල, අවි­ස්සා­වේල්ල, කුරු­විට, ත්‍රිකු­ණා­ම­ලය සහ කඩු­වෙල යන ප්‍රදේ­ශ­වල පදිං­චි­ක­රු­වන් කිහිප දෙනකු සතුව පව­තින බවද අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මේ සුඛෝ­ප­භෝගී වාහන මෙර­ටට ගෙන්වී­මේදී ශ්‍රී ලංකා රේගු­වෙන් නිසි පරිදි නිෂ්කා­ශ­නය කට­යුතු සිදු නොවී­මෙන් ලංකා රජ­යට මේ මුදල අහිමි කර දූෂ­ණ­යක් සිදු කර ඇතැයි සද­හන් කර­මින් මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට කරුණු වාර්ත කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ රහ­සි­ගත හා බුද්ධි විම­ර්ශන ඒක­කය විසිනි.

මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක දත්ත පද්ධ­ති­යට ව්‍යාජ තොර­තුරු ඉදි­රි­පත් කර ශ්‍රී ලංකා රේගු­වෙන් නිසි පරිදි නිෂ්කා­ශ­නය නොකොට මෙර­ටට ගෙන්වා ඇති මෙම එක් වාහ­න­යක් නිෂ්කා­ශ­නය කර ඇත්තේ වෙනත් භාණ්ඩ ගෙන්වන මුවා­වෙන් බව ද අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක දත්ත පද්ධ­ති­යට ව්‍යාජ තොර­තුරු ඉදි­රි­පත් කර ශ්‍රී ලංකා රේගු­වෙන් නිසි පරිදි නිෂ්කා­ශ­නය නොකොට සුඛෝ­ප­භෝගී වාහන 200ක් පමණ මෙර­ටට ගෙන්වා ඇති බවට මේ වන විට විම­ර්ශ­න­ව­ලදී තහ­වුරු වී එම ඒක­කය ඉකුත් 2023 වසරේ දෙසැ­ම්බර් 8 දා අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබිණි.

මේ අතර, ත්‍රිරෝද රථ­යක දත්ත ඉවත් කර ඒ වෙනු­වට ‘මිනි­කූ­පර්‘ වර්ගයේ සුඛෝ­ප­භෝගී මෝටර් රථ­යක් ලියා­ප­දිං­චි­යෙන් රජ­යට බදු මුදල් අහිමි කර අල්ලස් පනතේ ‘දූෂ­ණය‘ නම් වරද සිදු කළ බවට චෝදනා කර­මින් මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් පස් දෙනකු ඇතුළු හත් දෙන­කුට එරෙ­හිව අල්ලස් කොමි­සම විසින් කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ තිබුණේ ඉකුත් දෙසැ­ම්බර් 22 දාය.

මෙලෙස අධි චෝදනා ගොනු කරනු ලැබුවේ මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක වැඩ­ස­ට­හන් සම්පා­දක කුකුළේ කංකා­න­ම්ලාගේ රෝහිත සම­ර­වීර, එම දෙපා­ර්ත­මේ­න්තුවේ සංව­ර්ධන සහ පර්යේ­ෂණ හිටපු කොම­සා­රිස් උදි­යා­වත්ත, දඹ­දෙ­ණියේ පදිංචි කළු­දේ­වගේ බන්දුල ජය­සිංහ, එහි විම­ර්ශන සහ­කා­ර­ව­රුන් වන කද­වල, කටානේ පදිංචි නිතීඥ මුණ­සිංහ ආර­ච්චිගේ උපුල් ප්‍රියන්ත ද සිල්වා, රෆා­යල් වත්ත, යක්කල පදිංචි මුත්තුංග මුදි­ය­න්සේ­ලාගේ කේමන්ත මුත්තුංග, එම දෙපා­ර්ත­මේ­ත්තුවේ ලිපි­කරු පටි­පන උතුර හෝමා­ගම පදිංචි නෙර­ළුව ගමගේ චන්න රෝහිත, මීග­මුව පාර මැටි­ය­ගනේ ලිපි­න­යැති රන්දි මෝටර්ස් හිමි­කරු දිසා­නා­යක මුදි­ය­න්සේ­ලාගේ ධර්ම­රත්න බණ්ඩා සහ කොළො­න්යා­ය­වත්ත මැටි­ය­ගනේ පදිංචි වලි­සු­න්දර මුදි­ය­න්සේ­ලාගේ අජිත් කුමාර වලි­සු­න්දර යන අය­ටය.