T20WC Warm-up AUSvsWI : බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35 ක ජයක්

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අතරින් ඔස්ට්‍රේලියා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 35 ක ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 257 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ ලබා ගැනීමට හැකියාව ලැබුණේ කඩුලු 7 ක් දැවී ලකුණු 222 ක් පමණයි.

මේ අතර පැපුවා නිව්ගිනියා කණ්ඩායම හා නැමීබියා කණ්ඩායම අතර පැවති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 3 ක ජයක් ලබා ගැනීමට නැමීබියා කණ්ඩායම සමත් වුණා.

ඊයේ පැවති තරග 5 අතරින් තරග 3 ක් වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵලක් නොමැතිව අතහැර දැමීමට සිදු වුණා.