ISIS ත්‍රස්තයින් ඉන්දියාවේ මෙහෙයවූ මහමොලකරු කොළඹදී අල්ලයි

පොලිසිය පැවසූවේ ISIS ත්‍රස්තයින් බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත්   ශ්‍රි ලාංකික  පිරිස සමඟ සමීප සබදතා පැවැත්වූ බව කියන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදී අත්තඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ඔස්මන් පුෂ්පරාජ් නැමැති වයස අවුරුදු 46ක්වූ පුද්ගලයෙකි.

ඉන්දියාවෙදි අත්අඩංගුවට ගත් පුද්ගලයන් මෙහෙයවා ඇතිබවට සැකකරන්නේ අදාල පුද්ගලයා විසින් බව පොලීසිය පවසයි.

අදාල සැකකරුගේ සහෝදරයින් දෙදෙනාද පසුගියදා බංගදෙනිය ප්‍රදේශයේදී ත්‍රස්තමර්ධන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පසුගියදා පොලීසිය ඔස්මන් පුෂ්පරාජ් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතූ අතර ඔහු සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයකුට රුපියල් ලක්ෂ 20ක් ලබා දෙන බව පොලිසිය පැවසීය.