රටක් ලෙස වැටී සිටි අප දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණයි – ජනපති

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ආර්ථික වශයෙන් වැටී තිබු රට දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස තවත් බොහෝ දුර යාමට ඇති බවයි උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය ද කාලීන වෙනස්කම්වලට බදුන් වෙමින් ඉදිරියට පැමිණිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් 2027 වන තෙක් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබාගෙන ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අදාළ නිවේදනය පහතින්. 

news images
news images
news images
news images
news images