බාර් ලයිසන් ඉල්ලූ එක මන්ත්‍රීවරයෙක් හෝ සජබයේ නෑ කියලා පුළුවන් නම් රටට සහතිකයක් දෙන්න – අනුර

බාර් ලයිසන් ඉල්ලූ එක මන්ත්‍රීවරයෙක් හෝ සමගි ජන බලවේගයේ නොමැති බවට හැකි නම් රටට සහතිකයක් දෙන ලෙස අභියෝග කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔවුන් සියලු දෙනා හොරකම් කිරීම, නාස්ති කිරීම හා බෙදාගැනීම එකට එකතු වී සිදුකරන බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

“මහින්ද මහත්තයා” හෝ “රනිල් මහත්තයාම” මෙවරත් ගෙන ආ යුතු බවට පවසන කිසිවෙක් මෙවර ගම්වල නොමැති බවද, සියලු දෙනා ජාතික ජන බලවේගය වටා එක්වී ඇති බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.