කිතුල්ගල දිස්ත්‍රික් රෝහල් නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

කිතුල්ගල ප්‍රාදේශීය රෝහලේ ශල්‍යාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, බාහිර රෝගී අංශය සහ සායන වලින් යුක්ත රුපියල් මිලියන 250 ක වියදමකින් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරේ.

සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ සහ නීරෝගී සම්පන්න ජනතාවක් බිහි කිරීමේ අරමුණින් කිතුල්ගල ප්‍රාදේශීය රෝහලේ රුපියල් මිලියන 250 ක මුදලක් වැය කර ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල ඊයේ (31) ජනතා අයිතියට පත් කරන ලදි.

සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ සහ සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර අධිනීතිඥ නවීන් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ‌මෙම නව දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිම සිදු විය.

මෙම නව දෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියරේ වැඩ කටයුතු 2016 වසරේ ආරම්භ කර ඇත. ශල්‍යාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, බාහිර රෝගී අංශය සහ සායන වලින් මෙන්ම නවීන තාක්ෂණික උපකරණ වලින් ද යුක්ත වන අතර, සබරගමු පළාත් සභා අරමුදල් සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුවේ ප්‍රතිපාදන මත ඉදිකිරිම් සිදු කර ඇත.