උසස් පෙළ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන්ගේ නම් ප්‍රකාශයට පත්කෙරේ

උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා හිමිකර ගෙන තිබෙනවා.

එසේම කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්. ඒ. චිරාත් නිරෝධ ගණිත අංශයෙන් පළමු ස්ථානය හිමි කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ අතර උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාල‍යේ ශෙහානි නවෝද්‍යා ශිෂ්‍යාව සමත්ව ඇති අතර ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ කිරුලු සිහිල්දිය පල්ලියගුරු සිසුවා විසින් හිමිකරගෙන තිබෙනවා.

කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටසුන් රිත්මික ශිෂ්‍යා සමත් ඇති අතර  වාණිජ විෂය ධාරාවේ පළමු ස්ථානය පානදුර බාලිකා මහා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා සිසුවිය විසින් හිමිකරගෙන තිබෙනවා.