Month June 2024

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

රාත්‍රි තැපැල් දුම්රිය පීලි පැනීමෙන් ඇනහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, පීලි පැනීමට ලක් වු දුම්රියේ එන්ජිම නාවලපිටිය සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් පීලිගත කිරිමෙන් අනතුරුව එම…

සජිත් ආරම්භ කල නවතා දැමූ නිවාසවලට අනුමැතිය

සජිත් ප්‍රේමදාස මහතා ආරම්භ කල, අතරමග නවතා දැමූ නිවාස ව්‍යාපෘතිවල වැඩකටයුතු අවසන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015 – 2019 කාලවකවානුව තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් සැමට සෙවණ…

නියං සමයේ නොයෙක් ප්‍රදේශ වලින් පැමිණෙන අලි ඇතුන්ගේ වාර්ෂික හස්ති හමුව මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල පැවැත්වේ !

ආසියානු අලි ඇතුන්ගේ ලොව විශාලතම ස්වභාවික එකතුව නොහොත් ‘මහා හස්ති හමුව’ පිළිබඳ දැනුම්වත් කිරීම සහ සංරක්ෂණය අරමුණු කරගත් වැඩසටහනක් වන ‘The Gathering of Giants’ වැඩසටහන සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) විසින් 2024 අගෝස්තු 9 වැනිදා සිට 11…

ජනපති කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සොයා බලයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරුවේ කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය. කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය කොළඹ අගරදගුරු පදවියේ වැඩිම කතෝලික ජනතාවක් පැමිණෙන සිද්ධස්ථානයක් වන අතර එහි වාර්ෂික මංගල්‍යයට දිවයින පුරා…

අද කාලගුණ නිවේදනය

අද (29) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි…

රංගේ බණ්ඩාරගේ පුත්‍රයා රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (29) අලුයම 4.30 පමණ කරුවලගස්වැව, 07 කණුව, මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක…

ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වේ

ජාතික ජන බලවේගයේ පර්යේෂණ සහ සංවර්ධන (R&D) සඳහා වන විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය අද (29) එළිදක්වා තිබෙනවා. මෙම එළිදැක්වීම සිදුකර ඇත්තේ අද පෙරවරුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති “Quantum Leap” ශ්‍රී ලාංකීය විද්‍යා​ඥ හමුවේදීයි. මෙම ප්‍රතිපත්තිය…

සරත් ෆොන්සේකාගේ සේවය අනාගතයේදී රටට ලබාගන්නට අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා – ජනපති

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට තවත් මේ රටට සේවය කළ හැකි බවත්, එතුමාගෙන් ලබා ගැනීමට ඇති එම සේවය අනාගතයේදී රටට ලබාගන්නට අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත…

අතුරුදන් වූ ඊශ්‍රායල සංචාරකයා සල්ලිකෝවිල් ප්‍රදේශයෙන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී බදාදා (26) අතුරුදන් වූ 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික Tamar Amitai නමැති සංචාරකයා සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.ජුනි 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අමිතායි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තනිවම ගමන් කරමින් සිටියා. ඇය අන්තර්ජාලයෙන් කාමරයක් වෙන්කරගෙන ත්‍රිකුණාමලයේ…

මූල්‍ය වංචා කළ චීන්නු පිරිසකුත් මීගමුවෙන් අල්ලයි.

චීන ජාතිකයින් 30 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය. අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා මත මොවුන් අත්අඩංගුවට…