Month May 2024

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පිළිසකර වැඩට මිලියන 100ක්

ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට රුපියල් මිලියන 100ක මුදලක් රජයෙන් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය. වෛද්‍ය,හෙද,ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයන්හි නිල නිවාස අලුත්වැඩියා කිරීම් ඇතුළු රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මීට පෙර වෙන් කළ මුදලට…

අනතුරට පත් වාහන ලක්ෂ 50ක බැඳුම්කර මත නිදහස්

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවති නඩුව (30) යළි බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කඳවූ අවස්ථාවේ එම අනතුරට සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ බැදුම්කර දෙකක් මත නිදහස් කර, සැකකාර තරගකරුවන් දෙදෙනාට යළි අධිකරණයෙන් සිතාසියක් ලැබුණොත් පමණක්…

දැදුරු ඔයේ ගලක කිඹුලකුගේ රූපය සහිත නිධානයකින් ගොඩ ගත් – හත් කෝටි 20 ලක්ෂයක් වටිනා ගජමුතු 5ක් විකුණන්න ගිය හතරක් මාට්ටු

නිධානයක් හාරා ලබාගත් බව කියන මිල කළ නොහැකි අතිදුර්ලභ වර්ගයේ ගජමුතු 05ක් රුපියල් මිලියන 72කට (රුපියල් හත්කෝටි විසි ලක්ෂයක මුදලකට) අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව ජා-ඇළ පොලිසිය පවසයි. ඉකුත් 29 වැනි දින ජා-ඇළ පොලිස් විශේෂ…

අවසර නැතිව මැයි රැලි පෙළපාළිවලට ඩ්‍රෝන කැමරා තහනම්

ලෝක කම්කරු දිනයට යෙදෙන (01) පෙළපාළි, රැලි සහ සැමරුම් උත්සව ආදිය ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ඡායාරූප හා වීඩියෝගත කිරීම් සිදු කරන පුද්ගලයන් ඒ සඳහා නිසි අවසර ලබාගත යුතු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. අනවසරයෙන් මැයි දින පෙළපාළි, රැලි සහ සැමරුම්…

වැස්ස නිසා මධ්‍යස්ථානයට යන්න බැරි වුණොත් 117ට අමතන්න

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම (03) සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර (30) පැවසීය. විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත් වර්ෂාත් සමඟ හදිසි ආපදා…

අර්බුදවලට මුහුණ පෑ බොහෝ රටවල් නැඟී සිටියේ වැඩ කරන ජනතා ශක්තියෙන් – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

අර්බුදවලට මුහුණ දුන් ලොව බොහෝ රටවල් නැවත ගොඩනැඟුණේ වැඩ කරන ජනතා ශක්තියෙන් බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි. මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ. ඒ පණිවිඩයේ මෙසේද සඳහන් වේ. වැඩකරන ජනතා ලෙයින්, දහඩියෙන්, ජීවිත පරිත්‍යාගයෙන්…

වැඩ කරන ජනතාවගේ අයිතිය වසර පුරා සුරැකීමට එක් වෙමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වැඩ කරන ජනතාවගේ අයිතිය එක් දිනකදී පමණක් නොව වසර පුරා සුරැකීමට එක් වෙමු යැයි ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඒ පණිවිඩයේ මෙසේද සඳහන් වේ: වසර කිහිපයක සිට අපේ රටේ සමස්ත ජනතාව…

මැයි රැලි පෙළපාළි 40ක්

එජාපය-කොළඹ මාලිගාවත්තේ පොදුජන පෙරමුණ-බොරැල්ල කැම්බල් පිටියේ සජබ-කොළඹ චැතැම් වීදියේ ජාජබ-තැන් හතරක ශ්‍රීලනිප-ගම්පහ නගර සභා පිටියේ පෙරටුගාමී-මරදාන පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණයේ වැඩ කරන ජනතාව මහත් හරසරින් සමරන ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබේ. වැඩ කරන ජනතාවගේ අයිතීන් හා අයිතිවාසිකම් ප්‍රවර්ධනයත් කම්කරු…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක…

ජනාධිපතිවරණය ගැන IHP මාර්තු සමීක්ෂණයට අනුව අනුරට 44%ක්, සජිත්ට 41%ක් සහ ​රනිල්ට 8%ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් මාර්තු මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා. අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක තවදුරටත් පෙරමුණ ගෙන ඇති නමුත්…