Month May 2024

නයිජීරියාවේ කාන්තාවක් අඛණ්ඩව පැය 55ක් සම්මුඛ සාකච්ඡා පවත්වා ගිනස් පොතට

නයිජීරියාවේ යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ක්ලේරා චිසෝබා වැඩිම කාලයක් සම්මුඛ සාකච්ඡා කිරීමේ ගිනස් වාර්තාව තැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ‘ටෝක් ෂෝ‘ නමැති යූ ටියුබ් වැඩසටහන මෙහෙයවන ඇය අඛණ්ඩව පැය 55ක කාලයක් එරට දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, නළුනිළියන් ඇතුළු…

T20 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකා සංචිතය නම් කෙරේ

ඇමරිකාවේදී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය නම් කර තිබෙයි එම සංචිතය 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි නායකත්වය සඳහා ඒඩ්න් මාක්‍රම් නම් කර ඇත. එම සංචිතය පහත පරිදිය ඒඩන්…

අයිපීඑල් නායකයෝ 7ක් ලක්ෂ ගණන් දඩකති

ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම්වල නායකයින් 8කට මන්දගාමී ලෙස පන්දු යැවීම හේතුවෙන් ලක්ෂ ගණනින් දඩ නියම කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇත. චෙන්නායි සුපර් කිංග්ස් නායක රුතුරාජ් ගයික්වාඩ්, ලක්නව් සුපර් ජයන්ට්ස් නායක කේ.එල්. රාහුල්, මුම්බායි ඉන්දියන්ස් නායක හර්දික් පාණ්ඩ්‍යා,…

චමුදි පිළිගන්න උත්සවයක් අනිද්දා

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වයස අවුරුදු 19න් පහළ කාන්තා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේදී එංගලන්ත යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලියේදී එංගන්තයට එරෙහිව ලකුණු 42ට කඩුලු 5ක් දවා ගනිමින් සුවිශේෂී දක්ෂතාවක් පෙන්වමින් ඌව පළාතට, මොනරාගල දස්ත්‍රික්කයට කීර්තියක් ලබාදුන්…

ඉන්දියාව ලකුණු 45-10 කින් පරාජය කළ ශ්‍රී ලංකාව ආසියානු රග්බි ශූරතා අවසන් මහා තරගයට

ඉන්දියාවට එරෙහිව පැවැති දෙවැනි අවසන් පූර්ව වටයෙන් ජයග්‍රහණය අත් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාතික රග්බි පළමු කොටසේ ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. ඊයේ කොළඹ තුරඟ තරග පිටියේ විදුලි ආලෝකධාරා මැද පැවැති මේ තරගයේ පළමු භාගය නිමා වන විට ශ්‍රී…

ඉස්සන් වගාව යථා තත්ත්වයට ගේන්න කඩිනම් පියවර ගත යුතුයි – ඇමැති ඩග්ලස් දේවානන්දා

යම් පසුබෑමකට ලක්වූ මෙරට ඉස්සන් වගාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා මාස 6ක් ඇතුළත කඩිනමින් පියවර ගත යුතු බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා අවධාරණය කළේය. ඉස්සන් වගාකරුවන්ගේ සංගමයේ නියොජිතයන්, ධීවර අමාත්‍යාංශ ලේකම්, නැක්ඩා ආයතනයේ නිලධාරීන් හා ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ (26)…

ශ්‍රී ලාංකික සිසුන් 6කට තායිලන්තයේදී ප්ලැටිනම්-රන් සම්මාන

තායිලන්තයේ පැවැති ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියක් වන International Creativity and Innovation Awards තරගාවලියට සිය නිර්මාණ ඉදිරිපත් කළ කොළඹ – 04, බුර්හානි සෙරෙන්ඩිබ් විද්‍යාලයේ සිසුන් 6 දෙනෙකු ප්ලැටිනම් සහ රන් සම්මාන දිනාගැනීමට සමත්ව ඇත. සම්මාන දිනාගත් සිසුහු (29) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ…

සංචාරක කර්මාන්තයේ දියුණුවට තවත් ගමනාන්ත 49ක් මාසයකින් ගැසට් පත්‍රයට – ඇමැතිනී ඩයනා ගමගේ

සංචාරක කර්මාන්තයේ දියුණුවට තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනාගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පැවසුවාය. සංචාරක කර්මාන්තයේ සිදු වන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක්…

සිනමාවෙන් හදාගත්ත නම දේශපාලනය නිසා කැත කර ගන්න මම කැමැති නෑ – රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ

මම මේ රටේ නමක් හදාගත්තේ දේශපාලනයෙන් නොවෙයි. සිනමාවෙන් හදාගත්ත නම දේශපාලනය නිසා කැත කර ගන්න මම කැමැති නැහැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ පැවසුවාය. ඇය මේ බව පැවසුවේ ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි. ගීතා කුමාරසිංහ රාජ්‍ය…

ජාත්‍යන්තර නිවුන් සමුළුවට ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ 6ක් චීනයට

චීනයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර නිවුන් මහා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ 6 දෙනෙක් (30) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.මේ මහා සමුළුව චීනයේ යුනාන් ප්‍රාන්තයේ මොජෑන් නුවර දී (Mojang) අද (01) සිට ලබන…