Month May 2024

ජනතාවගේ දැවැන්ත විශ්වාසයත් බලයත් ජාතික ජන බලවේගය වටා එකතු වෙලා තියෙනවා – අනුර

අද වන විට ජනතාවගේ දැවැන්ත විශ්වාසයත් බලයත් ජාතික ජන බලවේගය වටා එකතු වී ඇති බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා. 01) මාතර පැවති ජාතික ජන බලවේගයේ මැයි රැළිය අමතමින් ඔහු සඳහන් කළේ, මෙය ජයග්‍රහණය කළ හැකි සටනක් බවයි. තවත්…

UNP මැයි දින සැමරුම

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය මේ වන විට ප්‍රදීපා මාවත පරිශ්‍රයේදී. ඒ අනුව පක්ෂ සමාජිකයින් හා පාක්ෂිකයින්ගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය මේ වන විට පැවැත්වෙනවා.

මාලිමාවේ මැයි දින සැමරුම

හැව්ලොක් පාරෙන් ආරම්භ කර ඇති පෙළපාලිය මැයි දින රැළිය පැවැත්වෙන ලිප්ටන් වටරවුමට ළඟා වෙමින් තිබෙනවා. මේ අතර ඔවුන් මාතර ප්‍රදේශයේද ප්‍රධාන මැයි රැළියක් සංවිධානය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ICC T20 World Cup: රටවල් කිහිපයක් T20 සංචිත ප්‍රකාශයට පත් කරයි

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා රටවල් කිහිපයක් විසින් සිය සංචිත මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඇෆ්ඝනිස්ථානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව හා ඉන්දියාව යන රටවල් විසින් සිය සංචිත නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.…

ඩිසල් මිල අඩු වූවත් බස් ගාස්තු අඩු කරන්න බැහැ – ගැමුණු

ඩීසල් මිල අඩුවූවද බස් ගාස්තු වල වෙනසක් සිදුකිරිමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලි​ක බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරනවා. ඒ අනුව මාස තුනක් තිස්සේ රුපියල් 28 ක පාඩුවකට බස් කර්මාන්තයේ නියැලෙන බවයි ඔහු සඳහන් කරන්නේ. මිල සූත්‍රය අනුව…

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50 කින් පහළට

(01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා. කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 ක් බවයි වැඩිදුරටත් සඳහන්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සාර්ථක කර ගැනීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට එක්වන්න

ජනපතිගෙන් සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවලට අරුයුම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සාර්ථක කර ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු…

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළට

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.වතුකරයේ ජනතාවගේ ගැටළු තමා කිසිවිටෙකත් අමතක කර නොමැති බවත්, ජනාධිපතිවරයා ලෙස තමා යටතේ ඉදිරියේදී ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව…