Month May 2024

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න – අනු​ර

ඇතැමුන් වීජ ගණිතමයව 3% ක් එකවර 51% ක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටින නමුත්, දේශපාලනය යනු වීජ ගණිතය නොව සමාජ විද්‍යාවක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. දේශපාලනය යනු වීජ ගණිතය නම් ලක්ෂ 69ක් ඡන්ද ලබාගත් ගෝඨාභය…

සමහරු මට බනිනවා මං කරන්නේ බෙදන එකලු – සජිත් ප්‍රේමදාස

තමා සිදුකරන්නේ ආධාර බෙදීම බව ඇතැමුන් දෝෂාරෝපණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔවුන් එසේ දෝෂාරෝපණය කළ ද, තමා බෙදන්නේ මත්පැන්, දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය නොවන බවද, මත්පැන් හෝ දුම්වැටි කිසිදා තමන් කටේ තබාවත් නොමැති බවද ඔහු පෙන්වා දෙනවා. “සක්වල”…

ශ්‍රී ලංකාව ආසියා රග්බි අවසන් තරගය ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර ආසියා රග්බි පළමු කොටසේ ශූරතාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමත් වුණා. ඒ අනුව 45-07 ක් ලෙස ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අවසන් මහා තරගය ජය ගැනීමට සමත්ව තිබෙනවා.

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

Foxhill ධාවන තරගාවලිය අතරතුර සිදුවූ රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.‍ ඒ අනුව, එහිදී ජීවිතක්ෂයට පත් වූ 7 දෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් ලබා දීමට නියමිත බවයි…

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට තහනම් කෙ​රේ

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 වනදායින් අවසන් වන නිසා ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ…

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ ජපාන විදේශ අමාත්‍යවරියගේ පැසසුමට

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම ඒ වෙනුවෙන් සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජපාන විදේශ ඇමතිනි යෝකෝ කමිකාවාගේ ඇගයීමට ලක් විය. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන විදේශ අමාත්‍යවරිය…

මැයි මාසය තුළ නව සන්ධානයක් ගොඩනගා ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – විමල් වීරවංශ

වත්මන් ජනාධිපතිවරයා ගෙන යන රටට හතුරු වැඩපිළිවෙළට කිසිම ආකාරයකින් සම්මාදම් වීමට සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. එම වැඩපිළිවෙළ තමන් ප්‍රතික්ෂේප කරන බවත්, ඒ හරහා රටට සුගතියක් නොවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මැයි මාසය ඇතුළත තම කණ්ඩායම…

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබී ඇති බව වාර්තා වෙනවා. තාක්ෂණික කරුණක් හේතුවෙන් මෙම ගැටළුව මතුවී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා සිටියේ.…

එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව

විවිධ වැරදි සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටි ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකුට එරට රාජකීය සමාව හිමිව තිබෙනවා. අප්‍රේල් මාසයේ යෙදී තිබූ රාමසාන් උත්සව සමය හේතු කොටගෙන මෙම රාජකීය සමාව හිමිව ඇති බවයි අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය…

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවා වැඩ වර්ජනය අද තුන්වැනි දිනට

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ආරම්භ කළ වැඩ වර්ජනය අද (04) තුන්වන දිනටත් ක්‍රියාත්මක වෙනවා. වැටුප 15% කින් කප්පාදු කිරීම හා මාසික හිලවු දීමනාව වැඩි නොකිරීමට විරෝධය පා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබෙනවා.…