Month May 2024

අපි කියන වැදගත් දේශපාලන සංකල්ප වත්මන් පාලකයින් විකෘති කරමින් ඉන්නවා – අනුර

තම පක්ෂය භාවිතා කරන වචනවල අර්ථය විකෘති කරමින් වත්මන් පාලකයින් ප්‍රචාර ගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණය යන පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාව ළඟ බවද, ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ ව්‍යවස්ථාදායක කොටස ජනතාව විසින්…

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 11 ක් මරුට

ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. උපාධි උත්සවයක් සඳහා සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් එලෙස අනතුරට ලක්වී ඇති බවයි සඳහන් වෙන්නේ. බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී මෝටර්…

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත ගැන විශ්ලේෂණයක් කිරීමට රජයෙන් පියවර

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට බිලියන 80ක් පමණ මුදලක් අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් මුදල්…

වාහන ආනයනය ලබන වසරේ සිට ක්‍රමානූකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා – ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ආනයන සීමා පුද්ගලික භාවිතාව සඳහා ආනයනය කරනා…

දන්සැල් සඳහා ලංකා සතොසෙන් විශේෂ වට්ටම්

එළෙඹෙන වෙසක් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සදහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට කටයුතු කරන බව ලංකා සතොස ආයතනය පවසනවා. ඒ අනුව සංවිධානය කරනු ලබන දන්සල් සදහා අවශ්‍යකරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17…

මංගල සාදයට ගිය කැබ් රථයක් අනතුරක – කාන්තාවක් මරුට – 9කට තුවාල

විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් දඹුල්ල දිගම්පතහ අතරමැදි කඳවුර ආසන්නයේදී ලොරි රථයක ගැටී (10) රාත්‍රී සිදුවූ අනතුරකින් එක් කාන්තාවක් මිය ගොස් තවත් නව දෙනෙක් තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි…

විදුලිබල පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනේ

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගනු ලැබුවා. මෙම යෝජිත නව විදුලිබල පනත මගින් ලබාදී ඇති පුළුල් බලතල හේතුවෙන් විදුලිබල…

මධ්‍යම අධිවේගයේ කොන්ක්‍රීට් බාල්කය කඩා වැටීමේ සිද්ධිය විමර්ශනය කිරීමට විශේෂඥ කමිටුවක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර කොටසේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. මේ විෂයය සම්බන්ධ විශේෂඥයන් 03 දෙනෙකුගෙන් යෝජිත කමිටුව සමන්විත වන බවද,…

හෙළකුරු සමාගම ISO 27001 ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිති සහතිකය හිමි කරගනී

හෙළකුරු නිර්මාණය කර ජනගත කරන භාෂා ලංකා පුද්ගලික සමාගම ISO 27001 ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිති සහතිකය හිමි කරගෙන තිබෙනවා. Bureau Veritas ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය මඟින් සිදුකරන ලද ස්වාධීන ආරක්ෂණ විගණනයකින් අනතුරුවයි මෙම ප්‍රමිති සහතිකය ඔවුන් හිමි කරගෙන ඇත්තේ. හෙළකුරු Superapp එ​ක…

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුවෙලා නෑ – විභාග කොමසාරිස් ජනරාල්

දැනට පැවැත්වෙන අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට අදාළව විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත්, ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අපේක්ෂකයින් පෙනී සිටි අවස්ථාවේ අක්‍රමිකතා සිදුවීම් තුනක් සම්බන්ධව තොරතුරු ලැබුණු බවයි…