Month May 2024

කොදෙව් දූපත්හි හා ඇමෙරිකාවේ තණතීරු තරමක් මන්දගාමී බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා – උපුල් තරංග

වත්මන් වෛද්‍ය වාර්තාවලට අනුව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා. මතීෂ මෙවර ඉන්දීය…

අවුරුදු 76 ක දේශපාලන ඉතිහාසය තුළ මෙරට පැවැත්වෙන සුවිශේෂීම මැතිවරණය මෙවර පැවැත්වෙනවා – වසන්ත සමරසිංහ

අවුරුදු 76 ක දේශපාලන ඉතිහාසය තුළ මෙරට පැවැත්වෙන සුවිශේෂීම මැතිවරණය මෙවර පැවැත්වෙනු ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ පවසනවා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා අවශ්‍ය සියලු දේ මේ වන විට සිදුකරමින් ඇති බවයි ජන හමුවක් අමතමින්…

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනපති හමු වෙයි

මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය. ශ්‍රී ලංකා අර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ…

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් – ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන්

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් පැවසීය. එසේම වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියලකින් හෝ…

ලංකාවට අද එන අමෙරිකාවේ ඩොනල්ඩ් ලූ

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (13) නිල චාරිකාවක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතය. ඒ අනුව, ඔහු ශ්‍රී ලංකාව සමඟ අමෙරිකාවේ හවුල්කාරිත්වය සම්බන්ධයෙන් සොයා බැලෙන අතර ඔහුගේ මෙම චාරිකාවේ දී ශ්‍රී ලංකාවේ දේශපාලන නියෝජිතයින් සහ…

ජුනි 01වැනිදා සිට ඉතාලියේ වීසා දෙන්නේ VFS ආයතනයෙන්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද(13) සිදුවිය. එළඹෙන ජූනි මස පළමුවනදා සිට ඉතාලිය සිය වීසා ලබාදීමේ කටයුතු VFS ආයතනය සමඟ එක්ව සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති…

නෙළුම් කුළුණේ Base Jump සිදුකරමින් සිටි විදේශිකයෙකු තුවාල ලබයි

කොළඹ නෙළුම් කුළුණේ Base Jump සිදුකරමින් සිටි විදේශිකයෙකු වහලකට ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. Base Jump කිරීම සඳහා නෙළුම් කුළුණෙන් පහළට පැන ඇති විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම ප්‍රමාද වීම නිසා ඔහු මෙසේ වහලයක් මතට ඇද වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.…

විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

(13) පැවැත්වූ උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කොළඹ බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

විරෝධතාකරුවන් පිරිසකට උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිකරණ නියෝගයක්

(13) දින පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඒකාබද්ධව අදාළ විරෝධතා පා ගමන සංවිධානය කර තිබූ…