ගම්පහ රුවනි ටීචර් රෝහණ සර් OL පේපර් ලීක් කළ හැටි

සාමාන්‍ය පෙළ විභා­ගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ පළමු සහ දෙවැනි කොටස් ජංගම දුර­ක­ත­න­ය­කින් ඡායා­රූප ගත කර ටියු­ෂන් ගුරු­ව­ර­ය­කුට යැවීමේ චෝද­නාව මත අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටි ගුරු­ව­රිය සහ විශ්‍රා­මික ගුරු­ව­රයා රුපි­යල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරී­මට ගම්පහ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සීලනී පෙරේරා මහ­ත්මිය ඊයේ (30) නියම කළාය.

මහේ­ස්ත්‍රා­ත්ව­රිය විසින් ඔවුන් දෙදෙ­නාට විදේශ ගමන් තහ­න­මක් ද පැන­වනු ලැබු­වාය.

මෙසේ ඇප නියම වූයේ පසු­ගි­යදා පැවැති අධ්‍යා­පන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගයේ නිරී­ක්ෂ­ක­ව­රි­යක ලෙස ගම්පහ රත්නා­වලී බාලිකා විදු­හලේ රාජ­කාරි කට­යුතු කළ රුවනි නදීෂා නමැති ගුරු­ව­රි­යක සහ රෝහණ චන්ද්‍ර­සිරි නමැති විශ්‍රා­මික ටියු­ෂන් පන්ති ගුරු­ව­ර­යෙකි.

මෙහිදී වැඩි­දුර වාර්තා­ව­කින් අධි­ක­ර­ණයේ හමුවේ කරුණු දක්වා සිටි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ විම­ර්ශන අංශයේ උප පොලිස් පරී­ක්ෂක තුෂාර මහතා පැවැ­සුවේ දෙවැනි විත්ති­කා­රිය ගම්පහ රත්නා­වලී බාලිකා විදු­හලේ මෙවර අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගයේ හය වැනි නිරී­ක්ෂ­ක­ව­රි­යක ලෙස රාජ­කාරි කර­මින් සිටි­යදී ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේ පළමු සහ දෙවන කොටත් ජංගම දුර­ක­ත­න­යෙන් ඡායා­රූ­ප­ගත කොට වට්ස්ඇප් ජාලය මඟින් යවා ඇති බවයි.

අංක 45250 සහ 45263 අතර වූ ප්‍රශ්න පත්‍රය සැක­කා­රිය වෙත නිකුත් කොට තිබූ බව විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර විභාග කොම­සා­රිස් සුභ්‍ය­ම­නි­යම් විශ්ව­නා­දන් මහ­තාගේ වාර්තා­වට අනුව සනාථ වන බව ද කියා සිටි­යේය.

පළමු වැනි විත්ති­කාර විශ්‍රා­මික පාසල් ගුරු­ව­රයා මහ­නු­වර ප්‍රදේ­ශයේ ටියු­ෂන් ගුරු­ව­ර­යකු ලෙස කට­යුතු කරන බවත්, ඔහුගේ වට්ස්ඇප් ජාල­යට එම ප්‍රදේ­ශයේ ටියු­ෂන් ගුරු­ව­රුන් 1064 දෙනකු සම්බ­න්ධව සිටින බවත් උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා වැඩි­දු­ර­ටත් කීවේය. එම විභා­ගය පෙර­වරු 8.50ට ආරම්භ වීමට නිය­මි­තව තිබූ බවත් සැක­කා­රිය පෙ.ව. 8.20 ප්‍රශ්න පත්තර කොටස් දෙක ඡායා­රූ­ප­ගත කොට පෙ.ව. 9.01ට මුදා හැර ඇති බවත් ඒ මහතා පැවැ­සු­වේය.

මෙහිදී වැඩි­දු­ර­ටත් කරුණු දැක්වූ ඒ මහතා හස­ලක ප්‍රදේ­ශයේ ටියු­ෂන් ගුරු­ව­ර­යකු පිළි­බ­ඳව විම­ර්ශන ආරම්භ කර ඇති බවත් එම විම­ර්ශන කට­යුතු අව­සන් වන­තුරු සැක­ක­රු­වන් රිමාන්ඩ් භාර­යට පත් කරන බවත්ය. මෙහිදී පළමු වැනි විත්ති­කරු වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ දසුන් නාග­ස්හේන මහතා කරුණු දක්වා සිටි­මින් මෙසේ කීවේය. “පළමු වන විත්ති­කරු විශ්‍රා­මික පාසල් ගුරු­ව­ර­යෙක්. ඔහු මහ­නු­වර ප්‍රදේ­ශයේ පෞද්ග­ලික උප­කා­රක පන්ති පව­ත්ව­නවා.

ඔහුගේ වට්ස්ඇප් ජාලයේ සිටින අනෙ­කුත් ටියු­ෂන් ගුරු­ව­රුන්ගේ පහ­සුව සඳ­හායි ඔහු එම දුර­ක­තන ජාලය පව­ත්වා­ගෙන යන්නේ. මේ සිද්ධි­යේදී කිසිදු පාර්ශ්ව­ය­කට අග­ති­යක් සිදුවී නෑ. මහ­ජන කැල­ඹී­මක් ද ඇතිවී නෑ. ඕනෑම ඇප කොන්දේ­සි­යක් මත අස­නීප තත්ත්ව­යෙන් පසු­වන ඔහුව මුදා හරින ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­නවා.”

දෙවන සැක­කා­රිය වෙනු­වෙන් කරුණු දැක්වූ නීතිඥ උපේන්ද්‍ර දිසා­නා­යක මහතා මෙලෙස පැවැ­සු­වේය.
“ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර ඡායා­රූ­ප­ගත කර මුදා හැරි බව ප්‍රකාශ කළත් ඒ වන­විට විභා­ගය ආර­ම්භවී සිසුන් ප්‍රශ්න පත්ත­ර­ව­ලට පිළි­තුරු ලිය­මින් සිට තිබෙ­නවා. යහ­පත් ජීවි­ත­යක් ගත කරන තම සේවා­දා­ය­ක­යාගේ එම දුර­ක­තන ජාලය පෞද්ග­ලික ඉංග්‍රීසි ගුරු­ව­රුන්ගේ පහ­සු­කම් සල­සන ජාල­යක්. ඕනෑම කොන්දේ­සි­යක් මත සැක­ක­රු­වන් මුදා හරි­න්නැයි ඉල්ලා සිටි­නවා.”

එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සීලනී පෙරේරා මහ­ත්මිය විසින් ඔවුන් ඇප­මත මුදා හරිනු ලැබු­වාය.