ලංකාවේ විශාලතම පහන් කුඩුව ගිරිඋල්ලේ

සම්බුදු තෙමඟුල වෙනුවෙන් ලංකාවේ ඉදිකර ඇති විශාලතම පහන් කූඩුව ගිරිඋල්ල මත්තෙගම  ලංගම ඩිපෝව අසළ ඉදිකර නොමිලේ ප්‍රදර්ශනය කෙරිණි.

මෙම පහන්කුඩුව උසින් අඩි 45 ක් සහ පරිවාර කූඩු 300 කින් සමන්විතව ඉදිකර තිබෙයි.

එම පහන් කූඩුව වෙනස්වන ආලෝක රටා දර්ශනය වන අන්දමින් විදුලි ආලෝකය සපයා තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා පොලීසිය හා ගිරිඋල්ල සහ පන්නල ප්‍රාදේශවාසී ජනතාවගේ ශ්‍රම දායකත්වයෙන් මෙම පහන් කූඩුව නිමවා ඇත.