ව්‍යවස්ථා විරෝධිව, මැතිවරණ කල්දමා අනීතික පාලනයක් වසර දෙකක් දක්වා ගෙනයා යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ඊයේ දින සිදුකරනලද ප්‍රසිද්ධ ප්‍රකාශයට විරුද්ධව මහජනයා ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථා පිටපත් සමග පැමිණ සිරිකොත කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සිදුකරන ලදී.
ශ්‍රී ලංකා ජනරජයේ මුලික ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට කටයුතු කරන බවට ප්‍රකාශකළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා තවදුරටත් පිළිගත් දේශපාලන පක්ෂයක නිලධාරියෙක් වශයෙන් පෙනීසිටින්නේ කුමන පදනමින්ද යන්න විරෝධතාකරුවන් ප්‍රශ්න කරන ලදී.
තත්වය සමනය කිරීමට පොලිසිය යුහුසුළුව කටයුතු කරන ලදී.