ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමේ යෝජනාව ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවක් – පැෆ්රල් සංවිධානය

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර 02කින් කල් දැමීම නීත්‍යානුකූලව සිදු කළ හැකි කාර්යයක් නොවන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එම මැතිවරණ කල් දැමීම සඳහා යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ ඉඩක් නොමැති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මෙය සිදු කරනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම මෙන්ම ජනමත විමසුමක් සිදුකළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවක් බවද, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගැනීමක් මෙවැනි යෝජනාවලින් සිදු වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.