ආචාර්ය පුන්සර අමරසිංහ අත්අඩංගුවට

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන් 4 දෙනා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.