අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදීමට අවධානය

විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව “ගරුසරු” වැඩස​ටහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

www.garusaru.lk යන වෙබ් අඩවිය යටතේ මේ වනවිට විෂය කේෂ්ත්‍ර ගණනාවකට ලියාපදිංචි වීමට අවස්ථාව ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.