සර්ව ජන බලය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ඇරඹෙයි

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක් වී සර්ව ජන බලය නමින් නව සන්ධානයක් පිහිටුවා ගෙන තිබෙයි.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අද (27) අත්සන් තැබුණි.

‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් මෙම නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ කර ඇත.

මව්බිම ජනතා පක්ෂය,  පිවිතුරු හෙළ උරුමය,  ජාතික නිදහස් පෙරමුණ,  ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ,  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,  යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදයයි නව සන්ධානය සදහා ගිවිසුම් ගත විය