ප්‍රංශ තානාපතිවරයා නිල නිවස තුළ මියගිහින්

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ, ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවිය. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුවි තිබෙන බව ආරංචි මාර්ග පෙන්වා දෙයි. දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

1970 වසරේ උපන් ජීන් ෆ්‍රැන්සුවා පැක්ටෙට් 2022 ඔක්තෝම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ඔහු මීට පෙර ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික හා අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂ වැනි තනතුරු හොබවනු ලැබීය. ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික තනතුරුවලට වොෂින්ටනයේ එක්සත් ජනපදයේ ප්‍රංශ තානාපති කාර්යාලය (2012-2016) සහ බ්‍රසල්ස්හි නේටෝව වෙත ප්‍රංශ නිත්‍ය නියෝජනය ඇතුළත්ය. ඔහු ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ප්‍රකාශකයෙකු ලෙසද කටයුතු කළේය.