චණ්ඩ සුළි කුණාටුවක් ඉදිරි පැය කිහිපය තුළ

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම සුළි කුණාටුව හෙට (27) අලුයම වනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගිනිකොණ දිග අරාබි මුහුදේත්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත්, දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවලත් මේ හේතුවෙන් සුළං වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බවද සදහන් කරයි.

එම අනතුරුදායක තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල මුහුදු යාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දීමක් කර ඇත.