කොළඹ නගරයේ වෙසක් සිරි නැරඹීමට එන ජනතාවට පොලීසියෙන් දැනුම්දීමක්

මේ දින වල පවතින දැඩි සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග වල ඇති ගස් ඉදිරී වැටීම් කිහිපයක් පසුගිය දිනවල වාර්තා වී තිබීම නිසා ,වෙසක් සිරිය නැරඹීමට කොළඹ නගරයට පැමිණෙන ජනතාවට මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන්නැයි පෙලීසිය මහජනතාවට දැනුම් දෙයි.

මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවෙන සිද්ධි වළක්වාගැනීම වෙනුවෙන් අද (25) රාත්‍රියේ  කොළඹ මාර්ග කිහිපයක් වසා තැබීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි. කොළඹ බ්‍රේබෘෘක් පෙදෙස, කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල මංසන්ධිය, බෞද්ධාලෝක මාවත, පෙරහර මාවත ජේම්ස් පීරිස් මාවත හන්දියේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වා මාර්ග එසේ වසා තැබීමට තීරණය කර ඇත.

මේ අතර වෙසක් කලාප නැරඹීම සඳහා පැමිණෙන ජනතාවට පාගමින් එම මාර්ගවල ගමන් කරන ලෙස පොලීසිය වැඩිදුරටත්  දැනුම්දෙයි.