ලියාපදිංචි නොකළ දන්සැල් අද දිනය තුළ ලියාපදිංචි කළ යුතුයි – PHI සංගම​ය

ලියාපදිංචි නොකළ දන්සල් (22) දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව මේ වනවිට දිවයින පුරා දන්සැල් 2200ක් ලියාපදිංචි වී ඇති බවයි එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

ලියාපදිංචි කළ දන්සල් අතරින් 20% ක් ආහාර දන්සැල් බවත් 80% කට ආසන්න ප්‍රමාණයක් පාන වර්ග බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

දන්සැලක් පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ නම් තමන් පදිංචි වසමේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා හමුවී නිර්දේශය සහිත ලියාපදිංචිය ලබා ගැනීමේ හැකියාව පවතිනවා.