අධිකරණයට ඉදිරිපත් වූ ඩයනා ඇප මත මුදාහැරේ

අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන්ට අගතියක් වන ආකාරයේ අනවශ්‍ය ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙසද නියෝග කර ඇති බවයි සදහන් වෙන්නේ.

සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.