චාල්ස් රජු මෙතෙක් හෙබවූ තනතුරක් පුතාට දෙයි

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබේ.

ඒ එංගලන්තයේ හැම්ප්ෂයර් හි හමුදා ගුවන් සේවා මධ්‍යස්ථානයේ පැවති උත්සවයක දී ය.

තුන්වැනි චාර්ල්ස් රජු දශක තුනක් තිස්සේ දැරූ තනතුරක් වන මෙය විලියම් කුමරුට භාර දීම මතභේදයට තුඩු දී ඇති පියවරක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට හේතුව වී ඇත්තේ රජ පවුලෙන් ඉවත් වී අමෙරිකාවේ වාසය කරන විලියම් කුමරුගේ බාල සොහොයුරා වන හැරී කුමරු ද බ්‍රිතාන්‍ය හමුදාවේ සිටි කාලය තුළ සේවය කළ රෙජිමේන්තුවේ ප්‍රධානියා බවට විලියම් කුමරු පත් කිරීම හේතුවෙනුයි.

මේ වන විට ඇමරිකාවේ ජීවත් වන හැරී කුමරු වසර 10ක් බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු ලෙස සේවය කර තිබේ.

2015 දී අවසන් වූ ඔහුගේ හමුදා සේවයේ දශකයක කාලය තුළ හැරී, අපාචි (Apache) හෙලිකොප්ටර් අණ දෙන නිලධාරියා දක්වා උසස් වීම් ලබා සිටි අතර, ඔහු හඳුන්වනු ලැබුවේ ‘කපිතාන් හැරී වේල්ස්’ ලෙසිනි.

උත්සවයෙන් පසුව විලියම් කුමරු ගුවන් හමුදාවේ නව කර්නල්වරයා ලෙස කඳවුරෙන් පිටව යන විට අපාචි හෙලිකොප්ටරයකින් පියාසර කිරීම ද විශේෂත්වයකි.