සිංග­ප්පූ­රුවේ ‘ලී’ යුගය අව­සන්

ශක දෙකක් පුරා සිංග­ප්පූ­රුවේ අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ ලී සීන් ලූං තන­තු­රෙන් ඉවත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිංග­ප්පූ­රුවේ පළමු අග­මැති ලී ක්වාන් යූ ගේ වැඩි­මල් පුත්‍රයා වන ලී සිං ලූං අග­මැ­ති­ ධු­ර­යෙන් ඉව­ත්වී­මත් සමඟ එරට විශි­ෂ්ට­තම රාජ්‍ය­යක් ලෙස ඔසවා තැබූ ලී පර­පුරේ දේශ­පා­ලන යුගය අව­සන් වූ බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. වසර 2004 සිට එරට අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ ලී සීන් ලූං දේශ­පා­ල­න­යෙන් විශ්‍රාම ගැනීමේ අර­මු­ණින් ධුර­යෙන් ඉවත්වූ බව ප්‍රකාශ කර ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ. සිංග­ප්පූ­රුවේ නව අග­මැ­ති­ව­රයා ලෙස හිටපු උප­අ­ග­මැති සහ මුදල් ඇමැති ලෝරන්ස් වොං පත් වූ බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

සිංග­ප්පූ­රුව 1965දි ස්වාධීන රාජ්‍ය­යක් බවට පත්වී­මෙන් පසු ලී ක්වාන් යූ එරට පළමු අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ අතර, අන­තු­රුව 1990 සිට 2004 දක්වා ගෝ චොක් ටොං සිංග­ප්පූ­රුවේ දෙවැනි අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළේය.