බන්ධ­නා­ගාර වෑන් රි­යට වෙඩි තබා පලා ගිය සිර­කරු සොයා මෙහෙයුමක්

ප්‍රංශයේ නෝමැන්ඩි පළාතේ අධි­ක­ර­ණයේ සිට නැවත බන්ධ­නා­ගා­ර­යට රැගෙන යමින් සිටි­යදී බන්ධ­නා­ගාර රථ පෙළට වෙඩි තබා ආයුධ සන්නද්ධ පිරි­සක් මුදා ගත් අප­රා­ධ­කරු සොයා එරට හමු­දාව උතුරු ප්‍රංශයේ දැවැන්ත සෝදිසි මෙහෙ­යු­මක් සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 30 හැවි­රිදි මොහො­මඩ් අම්රි නමැති එම මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කරු මුදා ගැනී­මට ඔහුගේ පිරිස එල්ල කළ වෙඩි ප්‍රහා­ර­යෙන් බන්ධ­නා­ගාර නිල­ධා­රීන් දෙදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ අතර, තවත් තිදෙනෙක් බර­ප­තළ තුවාල ලැබූහ.

නෝමැන්ඩි පළාතේ සෝදිසි මෙහෙ­යු­මට විශේෂ කාර්ය බළකා සෙබ­ළුන් 450 දෙනකු සහ පොලිස් නිල­ධා­රින් විශාල පිරි­සක් යොදවා පෙර නොවූ විරූ අයු­රින් අති­වි­ශාල සෝදිසි මෙහෙ­යු­මක් ආරම්භ කර ඇතැයි ප්‍රංශයේ අභ්‍ය­න්තර කට­යුතු ඇමැති ජෙරාල්ඩ් ඩර්ම­නින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ආර­ක්ෂක රථ­යක රැක­වල් මැද වෑන් රථ­යක් මගින් සිර­කරු රැගෙන යමින් සිටි­යදී පර්ජෝ වර්ගයේ කළු පැහැති මෝටර් රථ­යක් එහි ගැටී­මට සලස්වා වෙඩි ප්‍රහා­රය එල්ල කර තිබූ අතර, වෙඩි ප්‍රහා­රය මැද සිර­කරු පලා ගොස් තිබිණි.