ස්ලෝවේ­කි­යාවේ අග­මැ­තිට වෙඩි ප්‍රහා­ර­යක්

නාදු­නන තුව­ක්කු­ක­රු­වකු එල්ල කළ වෙඩි ප්‍රහා­ර­ය­කින් ස්ලෝවේ­කි­යාවේ අග­මැති රොබර්ට් ෆිකෝ බර­ප­තළ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

59 හැවි­රිදි අග­මැ­ති­ව­රයා වෙඩි ප්‍රහා­ර­යට ලක්වී ඇත්තේ (15) ස්ලෝවේ­කි­යාවේ හැන්ඩ්ලෝවා නුවර රජයේ රැස්වී­මක් පැවති ගොඩ­නැ­ඟි­ල්ලක් ඉදි­රි­පි­ට­දීය.  අග­මැ­ති­ව­ර­යාට වෙඩි පහර කිහි­ප­යක්ම එල්ල වී ඇතැයි ද, ඔහු වහා හෙලි­කො­ප්ටර් යාන­යක් මඟින් රෝහ­ල්ගත කර ඇතැ­යිද විදෙස් මාධ්‍යය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. අග­මැ­ති­ව­ර­යාට වෙඩි තැබූ තුව­ක්කු­කරු ඒ මොහො­තේ­දීම අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.