ප්‍රංශයේ නෝමැන්ඩි පළාතේ අධිකරණයේ සිට නැවත බන්ධනාගාරයට රැගෙන යමින් සිටියදී බන්ධනාගාර රථ පෙළට වෙඩි තබා ආයුධ සන්නද්ධ පිරිසක් මුදා ගත් අපරාධකරු සොයා එරට හමුදාව උතුරු ප්‍රංශයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 30 හැවිරිදි මොහොමඩ් අම්රි නමැති එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මුදා ගැනීමට ඔහුගේ පිරිස එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලැබූහ.
නෝමැන්ඩි පළාතේ සෝදිසි මෙහෙයුමට විශේෂ කාර්ය බළකා සෙබළුන් 450 දෙනකු සහ පොලිස් නිලධාරින් විශාල පිරිසක් යොදවා පෙර නොවූ විරූ අයුරින් අතිවිශාල සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු ඇමැති ජෙරාල්ඩ් ඩර්මනින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ආරක්ෂක රථයක රැකවල් මැද වෑන් රථයක් මගින් සිරකරු රැගෙන යමින් සිටියදී පර්ජෝ වර්ගයේ කළු පැහැති මෝටර් රථයක් එහි ගැටීමට සලස්වා වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ අතර, වෙඩි ප්‍රහාරය මැද සිරකරු පලා ගොස් තිබිණි.