ජනපති අනිද්දා ඉන්දුනීසියාවේ සංචාරයක

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝගේ ආරාධනයක් අනුව ජනපති රනිල් වික්‍රමසිංහ එම සංචාරයට එක්වන බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18 සිට 20 දක්වා එරට සංචාරය කිරීමට නියමිතයි.