කොළොන්නාව ස්වශක්ති සාමාජිකයන්ට ස්වයං රැකියා පුහුණුවක්

කොළොන්නාව ස්වශක්ති සංවිධානයේ මහා සභා රැස්වීමක් (13) කොළොන්නාව පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි. එම සංවිධානයේ සිටින විශේෂ අවශ්‍යතා ඇති සාමාජිකයන් සඳහා ස්වයං රැකියා පුහුණුවක් ලබා දී ඔවුන් විවිධ ආයතනවලට යොමු කර රැකියා අවස්ථා සලසා දීම කෙරෙහි මෙහිදී සාකච්ඡා විය.

සංවිධානයේ සිටින බහුතරයක් සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් අඩු ආදායම් ලාභීන් වීම හේතුවෙන් ඔවුනට ස්වයං රැකියා කිරීම සඳහා අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර ආදිය ලබා දීම කෙරෙහි ද නිලධාරීන්ගේ අවධානය යොමු කරන ලදි. ස්වශක්ති සංවිධානයේ සභාපති නසිරා රිස්වි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පළාත් සභා සමාජ සේවා නිලධාරි මංජුල ධර්මසේන, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි සමන් බණ්ඩාර, සැලසුම් අධ්‍යක්ෂ සෙනරත් බණ්ඩාර, උපදේශන නිලධාරි ඉරෝශිමා උදයන්තිකා සහ විදාතා නිලධාරි යසිත් ද මෙයට සහභාගි වූහ.