විජයදාසට, කීර්තිට හා ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලයට බාධා නොකරන ලෙස අධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත්කරන ලද අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ එම පක්ෂයේ වැඩබලන ලේකම් කීර්ති උඩවත්ත හට එම ධූරවල රාජාකාරී සිදුකිරීමට බාධා කිරීම් වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විධායක කාරක සභිකයන් දෙදෙනෙක් විසින් ගොනුකර තිබූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ (12) පත්කර තිබුණා.