අවුරුදු 76 ක දේශපාලන ඉතිහාසය තුළ මෙරට පැවැත්වෙන සුවිශේෂීම මැතිවරණය මෙවර පැවැත්වෙනවා – වසන්ත සමරසිංහ

අවුරුදු 76 ක දේශපාලන ඉතිහාසය තුළ මෙරට පැවැත්වෙන සුවිශේෂීම මැතිවරණය මෙවර පැවැත්වෙනු ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ පවසනවා.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා අවශ්‍ය සියලු දේ මේ වන විට සිදුකරමින් ඇති බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව මේ වන විට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අපේක්ෂක කම අහිමිවෙමින් ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.