විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය 13 වැනි දිනටත් පැවැත්වෙයි

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය 13 වන දිනටත් (14) පැවැත්වෙනවා.

අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යයන සේවකයින්ගේ මාසික හිලව් දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුණා.

වර්ජනය හේතුවෙන් සියලු විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන 17ක කටයුතු අඩාල වී තිබෙනවා.