කෙහෙළිගේ පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 31 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

මෙම පෙත්සම (14) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබ තිබුණා.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 31 වනදා කැඳවන ලෙසත් එදින පෙත්සම මුල සිට යළි සලකා බැලීමටද අධිකරණය නියම කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.