පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (13) සහ හෙට (14) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සඳුදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද දිනයේ ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ද්විත්වයක්, සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය , ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි , මුදල් පනත යටතේ නියෝග ද්විත්වයක්, ඇතුළු යෝජනා කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.