ජුනි 01වැනිදා සිට ඉතාලියේ වීසා දෙන්නේ VFS ආයතනයෙන්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද(13) සිදුවිය.

එළඹෙන ජූනි මස පළමුවනදා සිට ඉතාලිය සිය වීසා ලබාදීමේ කටයුතු VFS ආයතනය සමඟ එක්ව සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් අමාත්‍ය ටිරාන් අලස් වෙත දැනුම් දුන්නේය.

පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම පිලිබඳවද තානාපතිවරයා සහ අමාත්‍යවරයා අතර මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුක්තිය මෙහෙයුම පිළිබඳව තමන් අවධානයෙන් පසුවන බවත් එහි ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටු වන බවත් තානාපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ පැවසීය.