විරෝධතාකරුවන් පිරිසකට උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිකරණ නියෝගයක්

(13) දින පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඒකාබද්ධව අදාළ විරෝධතා පා ගමන සංවිධානය කර තිබූ බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මහා ශිෂ්‍ය සංගමය, නාවල විවෘත විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය, සම සභාපති විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ඇතුළු සංගම් කිහිපයකට එරෙහිව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද දින සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුලා විද්‍යාලය, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය, ශාන්ත ජෝන් පිරිමි විද්‍යාලය, සුජාතා බාලිකා විද්‍යාලය යන විද්‍යාල විභාග මධ්‍යස්ථාන ලෙස ද, අනුලා විද්‍යාලය විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රධාන මාර්ගය ආසන්නයේ පවත්වාගෙන යනු ලබන හෙයින් මහේස්ත්‍රාත් අධිකරණය විසින් කරුණු සලකා බලා මෙම විරෝධතා පා ගමන තහනම් කරමින් ආඥාව නිකුත් කර තිබෙනවා.