හෙළකුරු සමාගම ISO 27001 ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිති සහතිකය හිමි කරගනී

හෙළකුරු නිර්මාණය කර ජනගත කරන භාෂා ලංකා පුද්ගලික සමාගම ISO 27001 ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිති සහතිකය හිමි කරගෙන තිබෙනවා.

Bureau Veritas ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය මඟින් සිදුකරන ලද ස්වාධීන ආරක්ෂණ විගණනයකින් අනතුරුවයි මෙම ප්‍රමිති සහතිකය ඔවුන් හිමි කරගෙන ඇත්තේ.

හෙළකුරු Superapp එ​ක මඟින් පිරිනැමෙන එසැණ, හෙළPay, සිතළු ඇතුළු ඩිජිටල් සේවාවන් භාවිතා කිරීමේදී පරිශීලකයින් ලබාදෙන තොරතුරු සහ පෞද්ගලික දත්ත, ජාත්‍යන්තර ප්‍රමිතීන්⁣ට අනුකූල දත්ත ආරක්ෂණ ක්‍රමවේද ඔස්සේ ආරක්ෂා වන බව මෙම සහතිකය තහවුරු කරනවා.

news images