නයිට්රයිඩර්ස් මුල් තැනට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 60 වන තරගය, ලකුණු 18 කින් ජයගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය. ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමිනි.

තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ ඊඩන් ගාඩ්න්ස් හිදීය.

පළමුවෙන් පන්දුවට පහර දුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පන්දු වාර 16 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් රැස්කළේය. වෙන්කටේෂ් අයියර් ලකුණු ‍42 යි. නිතිෂ් රනා ලකුණු 33 ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී ජස්ප්‍රිත් බුම්රාහ් ලකුණු 39 ට කඩුලු 2 ක් බිඳහෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දු වාර 16 ක් අවසානයේ රැස්කර ගැනීමට හැකි වූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 139 ක් පමණි. ඉෂන් කිෂන් ලකුණු 40 යි. තිලක් වර්මා ලකුණු 32 ක් ලබාගත්තේය. පන්දු යැවීමේ දී හර්ෂිත් රනා සහ අන්ඩ්‍රේ රසල් කඩුලු දෙක බැගින් බිඳහෙලීය.

මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැනට පැමිණීමට නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. ඒ ඔවුන් මුහුණ දුන් තරග 12න් 9ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 18ක් ලබා ගනිමින්ය.

රාජස්තාන් රෝයල්ස්, සන්රයිසස් හයිද්‍රබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් පිළිවෙලින් දෙවන තෙවන සහ සිව්වන ස්ථාන ලබා සිටි.